ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීම ධීවර සංගම් යටතට
දැනට ශ්‍රී ලංකා රජය බාරයේ තිබෙන ඉන්දීය ධීවරයන්ට අයත් ධීවර යාත්‍රා නිදහස් කිරීම සිදුකරන්නේ උතුරේ ධීවර සංගම් නියෝජිතයන්ගේ එකඟතාව පළවන්නේ නම් පමණක් බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ පසුගියදා දික්ඕවිට වරායේදී ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවල කටයුතු ගොඩබිම සිට නිරීක්ෂණය කිරීමේ පහසුකම් ධීවර වරායන්හි ස්ථාපිත කිරීම සඳහා පැවැති අවස්ථාවට එක්වෙමිනි.
ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රා නිරීක්ෂණය සඳහා සවිකර තිබෙන ට්‍රාන්ස්පොන්ඩර් නැමැති උපකරණය මගින් GPS හා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ එම යාත්‍රා පිහිටි ස්ථානය, ඔවුන් ජාත්‍යන්තර මුහුදු සීමා නීති උල්ලංඝනය කරන්නේද යන්න මෙන්ම එම යාත්‍රාවලට හදිසි ආපදාවකට ලක්වුවහොත් ඒවා බේරා ගැනීමටද මෙමගින් හැකියාව ලැබෙන බව ඒ මහතා සඳහන් කර සිටියේය.
නීත්‍යනුකූල වෘත්තීයමය ධීවර කර්මාන්තයක් ස්ථාපිත කිරීම සඳහා මෙම පියවර වැදගත් වන අතර, ජාත්‍යන්තර ධීවර පනත යටතේ සෑම බහුදින යාත්රාවකටම මෙම ධීවර යාත්‍රා නිරීක්ෂණ උපකරණ සවිකිරීම අනිවාර්ය වේ. එසේ නොකරන හෝ සවි කරන ලද උපාංග අක්‍රිය කිරීම මෙන්ම ඒවාට සැපයෙන විදුලිය විසන්ධි කර නිරීක්ෂණ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කිරීමද ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි තත්ත්වයන්ය. ඒ යටතේ ධීවර බලපත්‍රය අහෝසි කිරීම මෙන්ම, කිසිදිනෙක බලපත්‍රයක් ලබානොදීමටද පියවර ගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

