ශ්‍රී ලංකාව අත්අඩංගුවේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ශ්‍රී ලංකා රජය මෙතෙක් තීරණය කර නොමැති බවත්, ධීවර යාත්‍රා නිදහස් කිරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම 2015 වසරෙන් පසු අත්අඩංගුවට ගත් කිසිදු ඉන්දීය ධීවර යාත්‍රාවක් නිදහස් කර නොමැති අතර, 2015 ජනවාරි මාසයට පෙර මෙරට මුහුදු සීමාවට ඇතුළත් වී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට එවක පැවැති රජය පියවර ගත් බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
දැනට ශ්‍රී ලංකා රජය භාරයේ ඉන්දීය ධීවර යාත්‍රා 130කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර, තමිල්නාඩු දේශපාලඥයන් විසින් මෙම ධීවර යාත්‍රා නිදහස් කරන ලෙස ඉන්දීය මධ්‍යම රජයට වරින්වර බලපෑම් එල්ල කරන බවත්, ශ්‍රී ලංකා රජය එම යාත්‍රා නිදහස් කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.