ඉන්දීය ධීවරයන් විසින් මෙරට මුහුදු සීමාවට පැමිණ සිදුකරන නීති විරෝධි ධීවර කටයුතු නවතා දැමීමට රාජ්යතාන්ත්රික මැදිහත් වීමක් සිදුකරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලා සිටියි.
පසුගිය 05 වැනි දින මෙරට මුහුදු සීමාවේ මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයන් සහ යාපනයේ ධීවරයන් අතර ඇතිවූ ගැටුමකින් යාත්රාවක් මුහුදු බත් වූ බවට තොරතුරු ලැබී තිබෙන බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
දිගින් දිගටම මෙම තත්ත්වය පවතින බවත්, මේ නිසා මෙය නිරීක්ෂණය කිරීමේ මට්ටමින් නොසිට රාජ්යතාන්ත්රික මැදිහත්වීමක් සිදුකර මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන ලෙසද එම පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.