ඉන්දියාවේ ආගමික සංචාරවල නිරතවන මෙරට බෞද්ධාගමිකයන් ඇතුළු ආගමික කණ්ඩායම් වලින් වීසා ගාස්තු අය නොකිරීමට ඉන්දීය රජය තීරණයකොට ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ආර්.කේ. සිංහා
මහතා පැවසීය.
ශ්‍රී ලංකාව මෙන්ම කලාපීය අනෙකුත් රටවල් සමග ඉන්දියාවේ හොඳ හිත වර්ධනයකර ගැනීමේ අරමුණින් ආගමික කණ්ඩායම්වලින් වීසා ගාස්තු අය නොකිරීමට තම රජය තීරණයකොට ඇති බව ආර්.කේ. සිංහා මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආරිනාදම් බාග්චී මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඊෂා ශ්‍රීවාත්සව මහත්මියගේ සහභාගීත්වයෙන් කොළඹදී පැවති සුහද හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඉන්දීය මහකොමසාරිස් ආර්.කේ. සිංහා මහතා එසේ පැවසීය.
ඉන්දියාවේ ආගමික සංචාරවල නිරත වන බැතිමතුන්ගෙන් වීසා ගාස්තු අය නොකීරීමටත්, එමගින් ඉන්දියාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් තම රජය අදහස් කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.