ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා ඉදිරි සතියේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. මෙම හමුව මියන්මාරයේදි සිදු වනු ඇති බව ‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ පුවත් සේවය පවසයි.
බිම්ස්ටෙක් සමුළුව (BIMSTEC - Bay of Bengal Initiative for Multi-Sectoral Technical and Economic Cooperation) එළඹෙන සිවු වැනිදා මියන්මාරයේදී පැවැත්වීමට නියමිත අතර, මෙම සමුළුව අතරතුරදී මහින්ද ජනපතිවරයාගේ හා මන්මෝහන් සිං අග්‍රාමාත්‍යවරයාගේ හමුව සිදුවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් උපුටා දක්වමින් 'ස්ටෑන්ඩර්ඩ්' පුවත් සේවය පවසයි.