ඉන්දියාවේ හදිසියෙන් ඇති වූ අධික ග්‍රීෂ්මය හේතුවෙන් 500කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එරට කාලගුණ විද්‍යා අංශවලට අනුව ඇතැම් ප්‍රදේශවල සෙල්සියස් අංශක 48 ඉක්මවන උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.
සිදුව ඇති ජීවිත හානිවලින් වැඩි ප්‍රමාණයක් දකුණුදිග ප්‍රාන්ත වූ තෙලන්ගනා සහ අන්ද්‍රා ප්‍රදේශ් ආශ්‍රිතව සිදුව ඇති අතර, එම ප්‍රාන්තයේ පමණක් සෙනසුරාදා 140 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.
උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අලහාබාද් හි වාර්තාගත සෙල්සියස් අංශක 48ක උෂ්ණත්වයක් වාර්තා වූ අතර, දිල්ලි අගනුවර සෙල්සියස් අංශක 44ක උෂ්ණත්වයක් වාර්තා වී තිබේ.
බලධාරීන් ජනතාව දැනුම්වත් කර ඇත්තේ හැකිතරම් නිවෙස් තුළට වී ජලය පානය කරමින් සිටින ලෙසයි.