ඉන්දීය නාවික හමුදාවට අයත් “දර්ශක්” නෞකාව අද (27දා) පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණියේය. නාවික සම්ප්රදායන්ට අනුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාව කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කපිතාන් පියුෂ් පව්සි මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද කතාබහක නිරත විය.
මෙම නෞකාවේ නැව් මුළුව නාවික හමුදාව මගින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය. එම නෞකාව මාර්තු මස 30 වන දින ශ්රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.