(UPDATE) ඉන්දීයාවේ කොල්කටා නගරයේ ගුවන් පාලම් අනතුරෙන් මියගිය පිරිස 18 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
--------------------------------------------------------------------------------------------------
ඉන්දීයාවේ කොල්කටා නගරයේ ගුවන් පාලමක කොටසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පිරිස 10 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවත් ඉන්දීය මාධ්‍ය කියයි.
-------------------------------------------------------------------------------------------------
ඉන්දියාවේ කොල්කටා නගරයේ ජනාකීර්ණ වීදියක අඩක් ඉදිකරමින් පැවති ගුවන් පාලමක කොටසක් කඩා වැටීමෙන් පුද්ගයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙම නගරයේ දීර්ඝතම ගුවන් පාලම ලෙස ඉදිවෙමින් පැවති මෙම ගුවන් පාලම උතුරුදිග කොල්කටාවේ ගිරිෂ් උද්‍යානය සහ හොව්රාහ් යන නගර සම්බන්ධ කෙරෙමින් ඉදිවූවක් බවද කියයි.
මේ වනවිටත් මුදාගැනීම් කණ්ඩායම් ඒ වෙත ගොස් ඇති බවත්, සුන්බුන් අතර සිරවී සිටින අය මුදාගැනීමේ මෙහෙයුම් සිදුවන බවත් ඉන්දීය මාධ්‍ය පවසයි.