මත්පැන් පානය දැඩි සමාජ ගැටලුවක් බවට පත්ව ඇති දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තය තුළ මත්පැන් අලෙවිය හා පානය තහනම් කිරීමේ නීති සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.
ඒ අනුව, ආරම්භයක් වශයෙන් මත්පැන් අලෙවි කරන බාර් සහ වෙළෙඳ සැල් 700කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමටත්, මත්පැන් පානය තහනම් කෙරෙන දින වැඩි කිරීමටත් බලධාරීහු සැරසෙති.
කේරල මහ ඇමති ඕමේන් චාන්දි පෙන්වා දෙන පරිදි ඉදිරි වසර 10ක කාලය තුළ කේරලය සම්පූර්ණයෙන්ම මතින් තොර ප්‍රාන්තයක් බවට පත්කිරීම ඔවුන්ගේ සැලැස්ම වී තිබේ.
ඉන්දියාවේ වැඩිම මත්පැන් පරිභෝජනයක් පවතින ප්‍රාන්තය ලෙස කේරලය සැලකෙන අතර, ප්‍රාන්තය තුළ පුද්ගලයෙකු වසරකට පානය කරන මත්පැන් ප්‍රමාණය සාමාන්‍යයක් ලෙස ලීටර් 8කට වැඩිය.
මෙය සමාජ ගැටලුවක් බවට පත්ව ඇත්තේ, විවාහ කඩාකප්පල් වීම්, මාර්ග අනතුරු වේගයෙන් කේරලය තුළ වර්ධනය වීමත් සමගිනි.
කේරල සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ මත්පැනට යොමුවූවන් නිසා රෝහල් හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිරී ඇති බවයි.