ඔස්ට්‍රේලියාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ නෞකාවක රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු අනවසර සංක්‍රමණිකයන් පිරිස ඔවුන්ගේ ගමන් ආරම්භය වූ ඉන්දියාව විසින් නැවත භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එකී පිරිස ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට සිදුව ඇති බව කියැවෙයි.
ඒ අනුව, නෞකාවේ සිටින සංක්‍රමණිකයන් 157 දෙනා ගොඩබිමට රැගෙන විත් රඳවා ගන්නා බව සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් නිවේදනය කළේය. ඔහු මෙසේ පවසා සිටියේ සිය ඉන්දිය සංචාරය නිම කිරීමෙන් පසුවය.
මේ තත්ත්වය තුළ හෙට (26දා) රාත්‍රිය වන විට සංක්‍රමණිකයන් සියලු දෙනා රැඳවුම් කඳවුරකට රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බව එරට අනාථයන් සඳහා වූ ක්‍රියාකාරී සන්ධානය පවසන බව බී.බී.සී.ය පවසයි.