හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය උනන්දුවක් දැක්වුවත් ශ්‍රී ලංකාවේ කොළඹ, ත්‍රිකුණාමලය හා කන්කසන්තුරේ යන වරායන් දියුණු කිරීමට ඉන්දියාවට අවස්ථාවක් පවතින බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඉන්දියාවේ අයි.ඒ.එන්.එස්. පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සඳහා ඉන්දියාව උනන්දුවක් දක්වා ඇති බවයි. එසේම පුද්ගලික සමාගම් කිහිපයක්ද කොළඹ වරාය පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණි බවයි.
එසේම ඉන්දියාව ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන්ද උනන්දුවක් දක්වා ඇති බවත් ඔහු පවසා තිබේ.