ඉන්දියාවේ, කාශ්මීරයේ හමුදා කඳවුරකට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ කනගාටුව ඉන්දීය රජයට දැන්වීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට රජයේ කනගාටුව ප්‍රකාශ කරන බවත්, ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කලාපිය මෙන්ම ගෝලීය වශයෙන් එකාබද්ධ වීමක් අවශ්‍ය බවද එම නිවේදනයෙ දැක්වෙයි.
පසුගිය 18 දා කාශ්මීරයේ හමුදා කඳවුරකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.