ඉන්දියාවේ කේරළ ප්රාන්තයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සවුදි ආරබියාවේ ජෙඩා සිට ඉන්දියාවට ගමන්ගත් ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්සවා ඇති බව අරාබ් පුවත් සේවය වාරතා කළේය.
SV 892 නැමැති සවුදි ගුවන් යානය මෙසේ ශ්රී ලංකාවට ගොඩ බස්සවා තිබේ. බ්රහස්පතින්දා මෙම සිදුවීම සිදු වි තිබෙන බව අරාබි පුවත් සේවය අද (10දා) වාර්තා කළේය.
මෙම ගුවන්යානය ජෙඩා සිටි කැලිකට් බලා ගමන් කරමින් තිබුණි. මේ අතර ඊයේ දිනයේදීත් ගුවන් ගමන් සඳහා වර්ෂාවෙන් බාධා ඇති වූ බව අරාබ් පුවත්සෙවය පැවැසීය. කටුනායක ගුවන්තොටුපොළේ පැය 7කට ආසන්න කාලයක් සිටීමෙන් පසුව නැවතත් ගුවන් යානය ඉන්දියාව බලා ගමන් කර තිබේ.