එළඹෙන මානව හිමිකම් සමුළුවේදී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිය ඡන්දය භාවිතා කිරීමට වැඩි ඉඩක් පවතින බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවතපත සඳහන් කළේය.
එසේම ඒ සඳහා තීරණයක් ගැනීමට කලින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා පිළිබඳව තක්සේරුවක් කිරීමට ඉන්දීය රජය සූදානමින් සිටින බවද හින්දු පුවත් සේවය පෙන්වා දෙයි. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම හරහා උතුරු පළාතේ දේශපාලන ප්රතිසංස්කරණයක් කිරීමට ශ්‍රී ලංකාවට අවස්තාවක් පැවැති නමුත් එම අවස්තාව ‘විනාශකර’ ගත් බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු උපුටා දක්වමින් හින්දු පුවත් සේවය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියවර පැවැති මානව හමිකම් සමුළුවේදී ජන්දය භාවිතා කළ ඉන්දියාව වැනි රටවල්හි මතය වෙනස් කිරීමට උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම හරහාද ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ඉන්දියාවේ අදහස වී ඇතැයිද හින්දු පුවත් සේවය පෙන්වා දෙයි.