ශ්රී ලංකාවේදී මරණීය දණ්ඩනය නියමවූ ඉන්දීය ධීවරයින් විසින් තමන්ට එරෙහිව පවතින දඬුවමට එරෙහිව ගොනුකළ ඇපෑල ඉවත්කරගෙනතිබෙන බව ද හින්දු පුවත් සේවය අද (19දා) වාර්තා කළේය.
මීට ඉහතදී හින්දු පුවත් සේවය වාර්තා කළේ ඉන්දීය ධීවරයින්ට දී තිබෙන මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කිරීමට හෝ සම්පූර්ණ වශයෙන් නිදහසක් ලබාදීමට නම් ඉන්දියාව විසින් ගොනුකළ ඇපෑල ඉවත්කර ගත යුතු බවට ශ්රී ලංකා රජයේ ස්ථාවරත්වය වී ඇති බවයි.