ඉන්දියාවේ නැගෙනහිර බිහාර් ප්‍රාන්තය තුළ මත්පැන් අලෙවිය හා මත්පැන් පානය සම්පූර්ණයෙන් තහනම් කළ පුවතක් වාර්තා වෙයි.
බිහාර් මහ ඇමති නිටිෂ් කුමාර් මීට පෙර පවසා තිබුණේ මෙම තහනම ඉදිරි මාස 06ක කාලය තුළ ක්‍රමයෙන් ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක වෙනු ඇති බවයි.
කෙසේ වෙතත්, ඔහු එම කාලසීමාව යළි ආපස්සට ගනිමින් හෙට (06දා) දිනයේ සිට මෙම තහනම ක්‍රියාත්මක වන බවත්, ප්‍රාන්තය තුළ සමාජ පරිවර්තනයකට හොඳම කාලය එළැඹ ඇති බවත් අවධාරණය කර තිබේ.
පසුගිය වසරේ සිය මැතිවරණ ව්‍යාපාරයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටුකරමින් මහ ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
මේ සඳහා ජනතාවගේ සහාය තමන් වෙත ලැබෙනු ඇති බවත් මහ ඇමතිවරයා විශ්වාසය පළ කරයි.
එමෙන්ම, මෙම තහනම සඳහා ප්‍රාන්තය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල මෙන්ම, සියලු දේශපාලඥයන්ගේද සහාය හිමිවීම විශේෂත්වයකි.
මෙම තහනම තමන් ලැබූ ජයග්‍රහණයක් බව බිහාර් හි කාන්තාවන් පවසයි. විශේෂයෙන්ම මත්පැනට ලොල්වූ පුරුෂයන් නිසා නිරන්තරයෙන් අඩන්තේට්ටම්වලට ලක්වූ කාන්තවාන් මෙම තීරණයෙන් උද්දාමයට පත්ව ඇති බවද කියැවෙයි.