ඉන්දියාව මහ මැතිවරණයකට ආසන්න වෙමින් සිටියදී ප්‍රධාන පක්ෂ දෙක වන කොංග්රස් පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය යන පක්ෂ දෙකටම සහාය පළ කරමින් ඉන්දීය නිළියන් තම අඩනිරුවත ප්‍රදර්ශනය කිරීම විශාල කතාබහක් ඇතිවෙමින් ඇති සිදුවීමක් වී තිබේ.
මෙය ආරම්භ කළේ භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයෙකු වන නරේන්ද්‍ර මෝඩි හට සහාය පළ කරමින් ගුජරාට නිළියක වන මේගනා පටේල් අඩ නිරුවත් ඡායාරූප පළ කිරීමත් සමගය. භාරතීය ජනතා පක්ෂයේ සංකේතය වන නෙළුම් මලෙන් සිරුරෙහි කොටස් වසාගෙන ඇය ඡායාරූප පෙළකට පෙනී සිටිය අතර මේ ඡායාරූප සඳහා දැඩි ඉල්ලුමක් ඇති විය.
එයින් දින දෙකකට පසු තවත් තරුණ නිළියක වන ටනීෂා සිං තමන්ගේ උඩුකය රාහුල් ගාන්ධිගේ පෝස්ටරයකින් වසාගෙන සිටින ඡායාරූපයකට පෙනී සිටියාය. එම ඡායාරූප ගැනද මේ වනවිට කතා බහ වැඩි වී තිබේ.
තරුණ නිළියන් මේ උත්සාහ කරන්නේ තමන්ගේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමටද එසේත් නැත්නම් තමන් කැමති අපේක්ෂකයන්ට ඇති ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් මෙය ඉන්දීය මැතිවරණ ප්රචාරක ක්ෂේත්රයට අලුත් අත්දැකීමක් වී ඇති බව නම් පැහැදිලිය.
daily.bhaskar.com/ /www.mid-day.com ඇසුරෙනි