ඉන්දිය ධීවර ප්රශ්නය විසඳා ගැනීමට ඇති කර ගත් ගිවිසුම් කඩ කරමින් ඉන්දිය ධීවරයින් දිගින් දිගටම මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරන නිසා මින් ඉදිරියට නීතිවිරෝධි ලෙස ඇතුළු වන ධීවර යාත්‍රා සියල්ලම රාජසන්තක කිරීමට තීරණය කර තිබෙන බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.