වර්තමානයේ පවත්නා මානසික රෝග ගොන්නට අලුතින්ම එකතු වී ඇති රෝගය ලෙස‘ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම්’ හෙවත් අන්තර්ජාලයට දැඩිලෙස ලොල්වීමේරෝගයහඳුනාගෙන ඇති බව ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය පවසයි.
ආසියානු රටවල දරුවන් 45%කට වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයට ගොදුරු වෙමින් පවතින අතර, විශේෂයෙන් කොරියාව වැනි රටවල මෙම තත්ත්වය බහුලව දක්නට ඇති බව සමීක්ෂණවලින් හෙළිව ඇතිබවද රමණි රත්නවීර මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය,
“දරුවන් අන්තර්ජාලය සමාජ වෙබ් අඩවිවලට තියෙන ලොල්වීම ප්‍රතිකාර කළ යුතු තත්ත්වයක් ලෙස හඳුනාගෙන තියෙනවා.මෙම තත්ත්වය නිසා මොළයේ රසායනික වෙනස් වීමක්, දෛනික හැසිරීම් රටාවේ වෙනසක්, පුද්ගලයා මූලික තැන දෙන්නේ කුමකටද කියන එක පිළිබඳව ප්‍රතිකාර කළයුතු තත්ත්වයක් දක්වාම වර්ධනය වීමේ අවස්ථා තියෙනවා.
මෙම තත්ත්වය ඉන්ටර්නෙට් ඇඩික්ෂන් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වනවා. මෙය විදේශ රටවල සම්මන්ත්‍රණවලදී පවා කතා වෙනවා. ඔවුන් කියන්නෙආසියාවේ දරුවන් 45% ක් මෙයට ගොදුරු වෙමින් පවතින බවයි. විශේෂයෙන්ම කොරියාව වගේ රටවල. බටහිර රටවල ආසියාවේ තරම් මෙම තත්ත්වය දකින්න නෑ.මෙම තත්ත්වයට ගොදුරු වෙන දරුවා සියලුම දේ පසෙකට දානවා. හරියට මධ්‍යසාරවලට පුරුදු වෙන කෙනා වගෙයි. කොයි වෙලාවේ මධ්‍යසාර ගන්නවාද කියලා බලා ඉන්නවා වගේ ඒකටම ගොදුරු වෙනවා. මත්පැන් භාවිත කරන කෙනා එයට මුල්තැන දෙමින් තමයි දවසේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරගන්නේ.මෙයත් එවැනිම තත්ත්වයක්” යනුවෙන් කියා සිටියාය.
රමණි රත්නවීර මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (24දා) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ගාල්ල අතිරේක දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති ගාල්ල දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු රැස්වීමේදීය.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්