වර්තමාන ආණ්ඩුව පොරොන්දු වූ තරුණ තරුණියන් ලක්ෂ 10 කට රැකියා ලබාදීමේ වැඩසටහන ඉදිරි මාස 02 ක තුළ ආරම්භ කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ වැඩ පිළිබඳව ඇතැමුන් ප්රශ්න කරන බවත්, වර්තමාන ආණ්ඩුව කළ දේවල් සහ ඉදිරියට කරන දේවල් පිළිබඳවද ඉදිරි මාස දෙක තුළ රටට හෙළිකරන බවත් ඔහු පවසා සිටියේය.
වර්තමාන ආණ්ඩුව හංගා ගැහිලි නොමැති බවත්, කුමන දේ කළත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර රටට දැනගැනීමට සලස්වන බවත් හෙතෙම සඳහන් කළේය.