දිවයිනට ආසන්නයේ පැවැති අඩු පීඩන කලාපය අවපාතයක් දක්වා වර්ධනය වීම නිසා ඉදිරි පැය 24 තුළ ලංකාවේ බොහෝ ප්‍ර‘දේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මුහුදු තීරවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බවත්, මේ නිසා නැගෙනහිර, වයඹ සහ උතුර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍ර‘දේශවල ධීවර කටයුතුවල නොයෙදෙන ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.