අඩුපීඩන පද්ධතිය දිවයිනට බටහිර දෙසින් තවමත් පවතින බවත්, එහි බලපෑම නිසා වර්ධනය වන සක්‍රීය වලාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
මේ නිසා, මෙම ගිගුරුම් සහිත වැසි සමග ඉහත මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය ඉහළ යාමට (පැ.කි.මී. 70-80 පමණ) හැකියාවක් පවතින බවත්, එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.