ඉදිරි දිනවලදී දිවයින පුරා තද වැසි
අද දිනයේද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.
මැඩර්න් - ජුලියන් දෝලන වල බලපෑම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුල දිවයින පුරා තද වැසි (මි. මි. 100 ට වැඩි ) අපේක්ෂා කල හැකි බවත් මීට අමතරව, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පීඩන කලාපයක් ස්ථාන ගතව පවතීන බැවින් එය ශ්‍රී ලංකාව වෙතට ගමන් කිරීම නිසා හෙටින් පසු දිවයිනේ නැගෙනහිර කොටසේ වැසි සහිත කාලගුණ තවදුරටත් වැඩි වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගාල්ල සිට හම්බන්තොට, මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන අතර අනෙකුත් මුහුදු ප්‍රදේශ වල සවස 2.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවේ යැයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සුළං ඊසාන දෙසින්හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                