වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් නිසා දිවයිනෙහි පවතින වර්ෂා තත්ත්වය ඉදිරි දින තුනෙන් පසු ක්රමක්රම‘යෙන් අඩු වී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කැලඹිලි තත්ත්වය අඩු වී ගියද තවත් සතියකින් පසු ඊසාන දිග මෝසම සක්‍රිය වන නිසා උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ඇති විය හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා සඳහන් කළේය.
අද (08දා) දිනය තුළදී අනුරාධපුර, මඩකලපුව, කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය, මන්නාරම දිස්ත්‍රික්කවලට වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.ගෙවීගිය දින කිහිපය පුරා ඇදහැලුණු අධික වර්ෂා තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 06 ක පවුල් 15,538කට අයත් පුද්ගලයන් 54,480 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයිද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (07දා) දිනයේ නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් කර තිබේ.
එම නිවේදනයට අනුව නිවාස 2263කට හානි සිදුව තිබෙන අතර, පවුල් 40කට අයත් පුද්ගලයන් 140 දෙනෙකු ආරක්ෂිත කඳවුරුවල රඳවා සිටියි.
පවතින වර්ෂා තත්ත්වය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙහි වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 14,533කට අයත් පුද්ගලයින් 51,362 ක් පීඩාවට පත්ව සිටින අතර, එම දිස්ත්‍රික්කයේ නිවාස 2,229කට හානි සිදුව තිබේ.