ඌව පළාත සහ යාපනය, මන්නාරම, කෑගල්ල, අවිස්සාවේල්ල, මාදුරුඔය සහ පොතුවිල් ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී තද සුළං තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16දා) සඳහන් කරයි.
මේ අතර තවදුරටත් උතුරු පළාතේ වැසි හෝ ගිඟුරුම් වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී.50ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට සවස 02.00 පසු වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකිය.
බස්නාහිර, දකුණ, සබරගමුව පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මඳ වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.