ඉදිරි ආණ්ඩුව කුමක් වුවත් එම ආණ්ඩුව මත්ද්‍රව්‍ය විරෝධී සටන ඉදිරියට ගෙන යා යුතු බවත්, ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය චෝදනා ලත් පුද්ගලයන්ද නැද්ද යන්න පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසීය.
අද (24දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.