මෙරට ඉතිහාසය පිළිබඳ සියලුම තොරතුරු ඇතුළත් ඉතිහාස ආයතනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ශ්‍රීලංකාව පිළිබඳ ලියැවී ඇති සටහන් රැසක් බ්‍රසීලය, ඕලන්දය, එංගලන්තය, ඉන්දියාව ආදී රටවල ඇති බැවින් එම සියලු වාර්තා ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අරලියගහ මන්දිරයේ අද (14දා) පැවැති මහාවංශ නව සංස්කරණය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව කීය.
ඉතිහාස ආයතනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමා විශ්වවිද්‍යාලවල සියලුම ඉතිහාස මහාචාර්යවරුන් සමග සාකච්ඡා කළ බවත්,ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ මූලිකත්වයෙන් එය ආරම්භකරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මහාවංශය නැතිනම් ඉන්දියාවේ ඉතිහාසයක්ද නොමැති බව පැවසූ අග්‍රාමාත්‍යවරයා නවීන ඉන්දියාව බිහිව ඇත්තේද මහාවංශය නිසා යැයි ප්‍රකාශකළේය. එසේ වුවදමේවනවිට ලංකාවේ ඉතිහාසඥයන් අඩුවී ඇති අතර ඉන්දියාවේ ඉතිහාසඥයන් වැඩිවී ඇතැයිද වික්‍රමසිංහ මහතා කීය.
විශාල ඉතිහාසයක් ඇති රටේ ඉතිහාසඥයන් නොමැතිවීම කනගාටුවට කරුණක් බවද, අනෙකුත් විදෙස් රටවල ඉතිහාසය පැවතුණද දීර්ඝතම ලිඛිත ඉතිහාසයක් සහිත රට ශ්‍රීලංකාව බවද අගමැතිවරයා පැවසීය.
මහාවංශ නව සංස්කරණය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම සඳහා සුදුසු කණ්ඩායමක් තෝරාදෙන ලෙස ඉල්ලීමක් කළ අගමැතිවරයා එය පරිවර්තනය කරන බවත්, ඒ සඳහා මුදල් ප්‍රශ්නයක් නොමැති බවත් ප්‍රකාශකළේය.
මහාවංශ නව සංස්කරණය මාහාචාර්ය චන්ද්‍ර වික්‍රමගේ මහතා ඇතුළු කණ්ඩායම විසින් සකස්කර ඇති අතර, දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් එය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම අවස්ථාවට දෙහිවල නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයද, සංස්කාරක මණ්ඩලයද සහභාගි වූහ.