ඉතාලියේ මෝදනා නගරයේ පෙරේදා (14දා) සවස සිදුවූ බිහිසුණු රිය අනතුරකින් ලාංකිකයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මීගමුව, දළුපත ප්රදේශයේ පදිංචිව සිටි සුරාජ් ප්රනාන්දු (අවු.53) නමැත්තෙකි.
තම මෝටර් රථයෙන් මෝදනා ස්පිලම්බැර්තෝ ප්රදේශයේ මාර්ගයක ගමන්කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් බරපතළ තුවාල ලබා සිටි ඔහු රෝහලට ගෙනයන විටත් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලොරි රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථයේ මුහුණට මුහුණලා ගැටී තිබේ.
අනතුර සිදුවූ වහා ගිලන්රථ හා හෙළිකොප්ටර් ගිලන් රථ එම ස්ථානයට පැමිණ බරපතළ තුවාල ලබා සිටි සුරාජ්ගේ ජීවිතය රැකගැනිමට උත්සාහ කළද එය සාර්ථක නොවී ඇත.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බවත්, වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මෝදනා නාගරික පොලීසිය පවසයි.
නයිනමඩම - චන්දන ප්රනාන්දු