ඉඩම් නොමැති සෑම පවුලකටම ඉඩමක් ලබාදී ඉඩමේ සින්නක්කර ඔප්පුවක්ද ලබාදී තමන්ගේම කිවහැකි නිවසක් තනාගැනීමට අධාර උපකාර කරන බව නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකළේය.
තිස්සමහාරාම, යෝධකණ්ඩිය, සම්පතගම උදාගම්මානය විවෘතකිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කීය. මෙම උදාගම්මාන ව්‍යාපෘතිය තුළ පවුල් 500 ක් සඳහා ඉඩම් ලබාදී ඇති අතර, එහි දෙවැනි අදියරේදී තවත් පවුල් 500 ක් සඳහා ඉඩම් ලබාදීමට නියමිතබව ප්‍රකාශ විය. මෙම අවස්ථාවට හිටපු නිවාස රාජ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර් මහතාද එක්විය.