මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී තමාගේ විෂය පථයෙන් ඉඩම් අමාත්‍ය ධුරය ඉවත් කර ඇත්තේ කුමන කරුණක් නිසාදැයි තමන් නොදන්නා බව බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
තමාගේ අමාත්‍යාංශයට අලුතින් විෂය පථයන් එකතු කරනවාදැයි තමන් විමසීමට නොගිය බවත්, ඒ ආකාරයට විෂය කොටස් එකතු කරන බවට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොපැවසූ බවත් ඇමතිවරයා සඳහන් කළේය.
තමා කිසි දිනෙක ඇමති ධුර ඉල්ලා පසුපස නොගිය බවත්, ඉදිරියටද එසේ නොයන බවත් පැවසූ අමරතුංග මහතා ඉඩම් අමාත්‍යාංශය බාරදුන් දිනයේ සිට දිවයින පුරා යමින් ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසඳීමට කැපවුණු බවද කියා සිටියේය.
ඇමති ධුර ඉවත් කළ පසුව කළ හැකි දෙයක් නැති බවත්, දැනට ඉතිරිව ඇති අමාත්‍යාංශයේ කටයුතු දියුණු කිරීමට වෙහෙසෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.