ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට විරුද්ධව කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටින පිරිස් බවට වර්තමාන ආණ්ඩුව සඳහන් කළද, මෙම ප්රශ්නයේදී ගිවිසුමට සැබෑලෙසම විරුද්ධව කටයුතු කරන්නේ රටට ආදරය කරන පිරිස් බව වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ සන්ධානය සඳහන් කරයි.
අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම තුළින් රටට විශාල අනතුරක් සිදුවන බවත්, මෙම අනතුරද විද්වතුන්, බුද්ධිමතුන් මනාව තේරුම්ගෙන සිටින බවද රජරට වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයුසමන මහතා සඳහන් කළේය.
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම වහාම හකුළාගන්නා ලෙසට අද (24දා) හයිඩ් පිටියේදී පැවැති විරෝධතා රැලියේදී මේ බව සඳහන් කළ චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම හකුළාගන්නා තෙක් මේ රටේ විද්වතුන්, බුද්ධිමතුන් ඇතුළු රටට ආදරය කරන අනෙකුත් ජන කණ්ඩායම් සමග එක්වඅරගල කරන බවයි.
එම අරගලයට මහින්ද රාජපක්ෂට, සජිත් ප්‍රේමදාසට, අනුර කුමාර දිසානායක ඇතුළු ඕනෑම දේශපාලඥයෙකුට සහභාගි විය හැකි බවත් මෙම අවස්ථාවේදී වැදගත් වන්නේ පක්ෂ පාට නොව රටට ආදරය කිරීම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
ඡායාරූප ශමිර රාජපක්ෂ