ඉක්වදෝරයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට භූ කම්පනය හේතුවෙන් අනතුරක් නොමැති බව වාර්තා වන්නේ යැයි ඉක්වදෝරයේ වැඩබලන තානාපතිවරයා වශයෙන්ද කටයුතු කරන කියුබාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.
කියුබානු තානාපති සරත් දිසානායක මහතා බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් අනතුරුවලට ලක්වීමක් පිළිබඳව වාර්තා නොවන බවයි.
"මේ අවස්ථාවේ මට කියන්න තියෙන්නෙ මමත් ඒ සම්බන්ධව නිතරම යාවත්කාලීන වී සිටින බවයි. මන්දයත්, මා ඉක්වදෝරය සඳහාත් තානාපති වශයෙන් කටයුතු කරන නිසයි."
ඉක්වදෝරයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳ සොයා බැලීමක් කළද, තවම එවැනි කිසිම ආකාර තොරතුරක් නොමැති බවත්, ශ්‍රී ලාංකිකයන් ඉතා සුළු පිරිසක් ඉක්වදෝරයේ වාසය කරන බවත් තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
ඉක්වදෝරයට බලපෑ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 350කට ආසන්න වෙමින් තිබුණි.