(UPDATE) ඇෆ්ගනිස්තානයට බලපෑ රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනයකින් නිරිතදිග ආසියානු රටවල් කිහිපයක ප්‍රධාන නගර රැසක් වෙත ප්රබලව දැනී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ටජිකිස්තාන දේශසීමාවට ආසන්නව ග්‍රිනීච් වේලාවෙන් පෙ.ව.10.28 ට පමණ මෙම භූ කම්පනය සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
මෙම භූ කම්පනය කාබුල්, ඉස්ලාමාබාද්, ලාහෝර් සහ දිල්ලි යන නගරවලටද ප්රබලව දැනී ඇති බවත්, එම නගරවල වැසියන් තම නිවෙස් හා කාර්යාලවලින් වහාම පිටතට පැමිණ ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
පාකිස්තානයේ පේෂාවර් නගරය වෙතද භූ කම්පනය ප්රබලය දැනී ඇති අතර පුද්ගලයන් 27 දෙනෙකු මේ හේතුවෙන් රෝහල් ගත කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
2015 ඔක්තෝබර් මාසයේ මෙම කලාපයටම බලපෑ භූ කම්පනයකින් පුද්ගලයන් 300ක් පමණ ජීවිතක්ෂයට පත්විය.