කාබුල් නුවර ඇෆ්ගනිස්ථාන පාර්ලිමේන්තුවට තලේබාන් ත්රස්තවාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රහාරයට පැමිණි තලේබාන් සටන්කාමීන් හය දෙනෙකු ඝාතනය කළ බවයි.
මුලින්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට ගේට්ටුව අබියස දැවැන්ත බෝම්බයක් පුපුරුවා හැර ඇති ත්රස්තවාදීන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයට ආසන්න ගොඩනැගිල්ලට කඩා වැදී තිබේ.
අනතුරුව පැය දෙකක පමණ කාලයක් පැවති වෙඩි හුවමාරුවෙන් පසුව ත්රස්තවාදීන් ඝාතනය කර තිබේ.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණත්, මන්ත්‍රීවරුන් කිසිවෙකුත් තුවාල ලබා නැත.