ඇෆ්ගන් නව තලේබාන් නායකයා නම් කරයි
ඇෆ්ගන් තලේබාන් නායක මුල්ලාහ් අඛ්තාර් මන්සූර් ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පසුගියදා මියයෑමත් සමග සංවිධානයේ නව නායකයා ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
නිවේදනයක් නිකුත් කරන ඇෆ්ගනිස්තාන තලේබාන් සංවිධානය මේ අනුව, මන්සූර්ගේ ඝාතනය ප්‍රථම වරට නිල වශයෙන් පිළිගෙන ඇති අතර, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස මවුලවි හයිබතුල්ලාහ් අඛුන්ද්සාදා නම් කර තිබේ.
පාකිස්තානයේ බලුකිස්තාන පළාතේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මන්සූර් වෙත ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරය එල්ල විය.
ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ආදිකර්තෘ මෙන්ම එහි ආධ්‍යාත්මික නායකයාව සිටි මුල්ලාහ් මොහොම්මද් ඕමාර් ඝාතනය වීමත් සමග 2015 ජූලි මාසයේ දී එම සංවිධානයේ නායකත්වයට මන්සූර් යෝජනා විය.
මවුලවි හයිබතුල්ලාහ් අඛුන්ද්සාදා මෙම සංවිධානයේ නියෝජ්‍ය නායකයෙකු ලෙස කටයුතු කළ අයෙකි.
එමෙන්ම, මුල්ලාහ් ඕමාර්ගේ පුත්‍රයෙකු වන මුල්ලාහ් මොහම්මද් යාඛුබ් සංවිධානයේ සම නියෝජ්‍ය නායකයෙකු ලෙස, වත්මන් නියෝජ්‍ය නායක සිරාජුඩීන් හක්ඛානි සමග කටයුතු කරනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුටත් දැක්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

