ඇෆ්ගන් ජනපති හමීඩ් කර්සායි මහතා අද (05 දා) දිවයිනට පැමිණීමට නියමිත බවත්, එළඹෙන 7වැනිදා දක්වා ඔහු දිවයිනේ රැඳී සිටිනු ඇතැයි ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය මසදී ඇෆ්ගන් ජනපතිවරයාගේ ශ්රී ලංකා සංචාරය සිදුවීමට නියමිතව තිබුණත් තලේබාන් සංවිධානය විසින් එල්ල කළ ප්රහාරයක් හේතුවෙන් කර්සායි මහතා ශ්රී ලංකා සංචාරය අවලංගු කරන ලදී.
දිවයිනට පැමිණෙන ඇෆ්ගන් ජනපතිවරයා, හෙට (06 දා) ජනපති කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, දෙපාර්ශ්වයටම වැදගත් ගිවිසුම් තුනක් අත්සන් කිරීමටද නියමිතය.