වත්තල කළුඇල ඇවිදින මන්තීරුව ඉදිකර තිබුනේ රක්ෂිත ප්‍රදේශයක උවද ප්‍රදේශයටද හානියක් නොවන පරිදි එය ඉදිකර තිබු බවත් එය විනාශ කළ පුද්ගලයන්ගේ තරාතිම නොබලා ඔවුන්ට දඩුවම් ලබා දෙන්නැයි තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවත් ස්වදේශකටයුතු නියෝජ්‍ය ඇමති වත්තල ශ්‍රී.ල.නි.ප. සංවිධායක නිමල් ලාන්සා මහතා පැවසීය.
මෙම කළුඇල ඇවිදින මංතීරුව ඉවත්කෙරුනේ සිය උපදෙසින් බව ප්‍රදේශයේ ප්‍රබල ඇමති වරයෙකු මාධ්‍ය වෙත පවසා තිබුණ බවත් ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ද එම ඇමතිවරයා සිද්ධියට සම්පූර්ණයෙන්ම වග කිව යුතු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසිය. ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද ඊට සම්බන්ධ බව පැවසෙන බැවින් මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදු කර පොදු දේපල පනත යටතේ ඔවුන් අත්අඩන්ගුවට ගෙන දඩුවම් පැමිනවිය යුතු යැයි නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ගම්පහ දිස්ත්‍රිකයේ ගංවතුර පාලනය කිරීමේ වැඩ පිලිවෙල යටතේ කළුඇල පිළිසකර කෙරුණු බවත් නියොජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන් අතර එම පිළිසකර කිරීම් අතර ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ ප්‍රයෝජනයට ඇවිදින මංතීරුවක් ඉදිකිරීමටද පියවර ගැනිනු බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නිවාස සංකීර්ණයකට මාර්ගයක් ලබා දෙන ලෙස කෙරුණු ඉල්ලීමක් මත මෙය ඉවත් කෙරුණු බව සිද්ධියට සම්බන්ධ අදාල ප්‍රබල ඇමතිවරයා පැවසුවද එවැනි ඉල්ලීමක් නොමැති බව පවසන නියෝජ්‍ය ඇමතිවරයා එමෙන්ම මෙම ඇවිදින මංතීරුව විනාශ කිරීමේදි ඊට විදුලි ආලෝකය ලබා දීම සඳහා ඉදිකර තිබු සූර්ය විදුලි ආලෝක පද්ධතියද විනාශ කර තිබේන බවත් හෙතෙම පැවසීය.
ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට අධාල ප්‍රබල ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණු මේ විනාශය පිටුපස අතයට ගණුදෙනුවක් තිබෙන බවට චොදනා එල්ලවී තිබේන බවත් ලංසා මහතා අවධාර‘ණය කළේය.