ඇවන්ට්ගාඩ් සිද්ධිය යට ගැසීමට තමා කිසිවෙකුටත් මුදල් ලබාදීමට තැත් කර නොමැති බවත්, එවැනි දෙයක් සිදුවී තිබෙනවානම් ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන ලෙසත් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කළේය.
මෙම සිදුවීම යට ගැසීමට මුදල් ලබාදීමට සිදුකළ උත්සාහයක් පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ උත්සාහයක් පිළිබඳ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ හෙළිදරව්ව පිළිබඳව නිශ්ශංක සේනාධිපති මහතාගෙන් 'අද' කළ විමසුමකදී ඔහු මෙසේද පැවසීය.
"මම මේ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නිශ්ශංක සේනාධිපති‘ මෙවැනි දෙකේ කොළයට වැටෙන්නේ නැහැ. කිසිදු පරීක්ෂණයක් යට ගහන්න මට උවමනාවක් නැහැ. මෙවැනි දෙයක් වෙලා තියෙනවා නම් නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයක් ගන්න.
රාජිත ඇමතිතුමාට තියෙන්නේ ඔය කියන යාළුවාගේ තොරතුරු මත අල්ලස් කොමිසමට පැමිණිලි කරන්නයි. රටේ නීතියක් තියෙනවානේ. අනික එතුමාගේ පවුලේ ප්‍රශ්නවලට මම ඇඟිලි ගහන්නේ නැහැ. ඒවා මට වැඩක් නැහැ. මම ඔය චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා"