ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගාලු වරායේ නවතා ඇති ඇවන්ට් ගාඩ් නැවේ තිබී සොයාගත් ආයුධ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා නියෝජ්‍ය රස පරීක්ෂක පී.සී. මඩවල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිවු දෙනෙකු ඇවන්ට් ගාඩ් නැව වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණි.
පසුගිය බදාදා පැමිණි රජයේ රස පරීක්ෂක කණ්ඩායම විසින් කරන ලද පරීක්ෂණවලදී හඳුනාගත් අපැහැදිලි අංක සහිත ආයුධ නැවත පරීක්ෂා කිරීමට මෙම කණ්ඩායම පසුගිය 06 වැනිදා යළි පැමිණ ඇතැයි වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මෙම පරීක්ෂණවලට සහාය වී ඇත.