ඇවන්ට් ගාඩ් පිළිබඳව මෙන්ම වංචා හා දූෂණ පිළිබඳව කරනු ලබන පරීක්ෂණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට ජනපතිවරයා තීරණය කර තිබේ.
ඊයේ(05දා) පැවැති කැබිනට් රැස්වීමේදීත් ඇවන්ට් ගාඩි පිළිබඳව දැඩි කතාබහක් ඇති විය. කෙසේ වෙතත් ජනපතිවරා මැදිහත් වී එය සමතකයට පත් කර තිබේ.
මේ අනුව අද (06) ජනපතිවරයා මොරගහ කන්දේදී පැවැසුවේ තමා කොළඹින් පැමිණෙන විට කැබිනට් ලේකම්වරයාට විශේෂ කැබිනට් රැස්විමක් සම්බන්ධීකරණය කිරිම සඳහා උපදෙස් දුන් බවයි.
ඇවන්ට් ගාඩි පරික්ෂණ හා වංචා හා දූෂණ පිළිබඳව කරන පරික්ෂණ පිරිසිදුව කිරිම සඳහා කටයුතු කරන බවත් ඔහු පැවැසීය.