අත්අඩංගුවට ගෙන තිබෙන ඇවන්ට් ගාඩ් නැව තුළ තිබෙන ආයුධ 816 න් 43 ක අංක වෙනස් කර ඇතැයි නාවික හමුදාපතිවරයා කැබිනට් මණ්ඩලයට දැන්වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව ඇවන්ට් ගාඩ් නෞකාව ගමන් කර තිබෙන්නේ ජී.පී.එස්. (G.P.S) යන්ත්‍රය ක්‍රියාවිරහිත කරගෙන බව නාවික හමුදාපතිවරයා සඳහන් කළ බවත්, ආයුධ 3000කට අධික ප්‍රමාණයක් කිසිදු බලපත්‍රයක් නොමැතිව නිකුත් කර තිබෙන බවට හෙළි වූයේ යැයි නාවික හමුදාපතිවරයා දැන්වූ බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා අදාළ සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු යැයි නාවික හමුදාපතිවරයා යෝජනා කළ බවද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මීට අමතරව නැවක් ගමන් ආරම්භ කිරීමට පෙර පැමිණෙන වරායට ඒ පිළිබඳ දැන්විය යුතු වුවද, ඇවන්ට් ගාඩ් නැව එවැනි ක්‍රියාදාමයක් සිදුකර නැතැයි හෙළි වී තිබෙන බවද සේනාරත්න මහතා පවසා සිටියේය.නාවික හමුදාවෙන් රක්නා ලංකා සමාගමට ආයුධ නිකුත් කිරීමට බලපත්‍රයක් අවශ්‍ය නොවූවද, ඇවන්ට් ගාඩ් සමාගමට ආයුධ නිකුත් කිරීමේදී සෑම ආයුධයක් පිළිබඳවම සටහන් තබාගෙන බලපත්‍ර නිකුත් කළ යුතු බවද කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේය.
එහෙත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත බ්ලැන්කට් අංකයට අනුව ආයුධ නිකුත් කළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ පිරිස් පවසන බවත්, මෙය බරපතළ වරදක් බවත් හෙතෙම සඳහන් කළේය.මෙවැනි කරුණු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේදී හෙළි වුවද එම අවස්ථාවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කිසිවක් සඳහන් නොකළ බවත්, එහෙත් එළියට පැමිණි ඔහු මාධ්‍යයට විවිධ ප්‍රකාශ සිදුකරන බවත් ඇමතිවරයා පවසා සිටියේය.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රකාශයක් සිදුකිරීමට නොහැකි බවත්, එවැනි ප්‍රකාශයක් අග්‍රවිනිශ්චයකාරවරයාට හෝ සිදුකළ නොහැකි බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ඇවන්ට් ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්නවාද නැද්ද යන්න තීරණය කරන්නේ අධිකරණයෙන් බවත්, අධිකරණ අමාත්‍යවරයාට අධිකරණය ගන්නා තීන්දු තීරණ ගත නොහැකි බවත් හෙතෙම තවදුරටත් පවසා සිටියේය.