ඇලෝසියස්ගේ සමාගමේ කෝටි 1200ක් තහනම්
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ සුරැකුම්පත්වල හා වෙනත් මූල්‍ය අංශවල ආයෝජනය කර තිබෙන රුපියල් කෝටි 1000ක (රුපියල් බිලියන 10ක) පමණ මුදල් නිදහස් නොකර රඳවාගෙන ඇතැයි වාර්තා වේ.
එසේම අදාළ සමාගම විනිමය හා සුරැකුම්පත් කොමිසම යටතේ පාලනය වන කොටස් වෙළඳපොළේ ආයෝජනය කර තිබෙන තවත් රුපියල් කෝටි 200ක පමණ මුදලක් ද එලෙස මහ බැංකු රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට එම කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග පවසයි.
වාර්තාවන ආකාරයට පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි සමස්ත වත්කම්වලින් රුපියල් කෝටි 1200ක් පමණ මෙලෙස රැඳවුම් නියෝග යටතට පත් කෙරෙණු ඇතැයි වාර්තා වේ.
පසුගියදා ප්‍රකාශයට පත්කළ මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව මෙම අයථා ගනුදෙනුව නිසා රජයට අහිමි වූ මුළු වත්කම රුපියල් කෝටි 1145ක් පමණ වෙතැයි සඳහන් කර ඇත.
දේශය ඇසුරෙනි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

