බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයේ දෙවැනි සැකකරු හා තෙවැනි සැකකරු වන පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් මහතා සහ එම සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා වෙනුවෙන් කර ඇති ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව දැඩි විරුද්ධත්වය දක්වන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
අද (09දා) කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවියට ලිඛිතව කරුණු දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව මේ බව දැක්වෙයි. දෙපාර්ශවයේ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඇප ඉල්ලීම පිළිබද නියෝගය පෙබරවාරී 16 වන දා නිකුත් කරන බව මහේස්ත්රාත්වරිය පැවැසීය.