ඇතිවූ අධික වර්ෂාවත් සමගින් ඇල්ල වැල්ලවාය මාර්ගයට කරඳගොල්ල ප්රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනයට බාධා එල්ල වී ඇතැයි පොලීසිය පවසයි.
මාර්ගය වාහන ගමනයට යථා තත්ත්වයට පත්කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.