ජාතික හෙළ උරුමයේ පොදු මතයට පටහැනිව යමින් මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළකරන බවට ඇඹිලිපිටියේ ප්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය වේවැල්දූවේ ඥානප්රභා හිමියන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බැවින් උන්වහන්සේ පක්ෂය තුළ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කරන බව ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට පක්ෂය ඒකමතිකව තීරණයක් ගෙන තිබියදී ඥානප්රභා හිමියන්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බවත් පැවසූ සෝභිත හිමියෝ, පක්ෂයේ මධ්‍යමකාරක සභික සාමාජිකත්වයෙන්ද අනෙකුත් වගකීම්වලින්ද උන්වහන්සේව ඉවත් කරන බව කියා සිටියහ.