ඇඹිලිපිටිය නව නගරය පාරේ පෞද්ගලික වෙළෙඳ සැලකට අද (28දා) පෙ.ව. 8.45 ට පමණ කඩාවැදුණු අවිගත් දෙදෙනෙකු එහි සේවකයන් බියගන්වා ආයතනයේ තිබූ රුපියල් එකොළොස් ලක්ෂ හය දහසක පමණ මුදල් මංකොල්ල කා පලාගොස් ඇත.
සිද්ධිය පිළිබඳ ඇඹිලිපිටිය පොලීසියට දැන්වීමත් සමග එම ආයතනයට පැමිණි එහි ස්ථානාධිපති උපුල් රාජපක්ෂ මහතා ඇතුළු අපරාධ අංශයේ නිලධාරීහු සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කරති.
ඇඹිලිපිටිය - විජය විදානපතිරණ