ඇඹිලිපිටියේදී තරුණයෙකු ගොඩනැගිල්ලෙන් පහළට වැටී මිය යාමේ සිද්ධිය පිළිබඳව ස්වධීන පරීක්ෂණයක් සිදුකරන බවත්, ඔහු ගොඩනැගිල්ලෙන් බිමට තල්ලු කළ බවට සාක්ෂි නැති බවත් නීතිය හා සාමය පිළිබඳ සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඔහු අද (12දා) මෙම අදහස් දැක්වීය. මිය ගිය තරුණයා ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන අයුරු ඇසින් දුටු පුද්ගලයෙකු සිටින බවත් ඔහුගේ දේහය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සිද්ධිය පිළිබඳව කනගාටුවන බවත්, පොලීසිය හා සිද්ධියට භාජනය වූ පුද්ගයන් අතර පරස්පර අදහස් ප්‍රකාශ කිරීමක් සිදුව තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.