ඇඹිලිපිටිය පොලිස් නිලධාරීන් හා මංගල සාදයක් පැවති නිවසක පිරිසක් සමග ඇතිවූ ගැටුමට අදාළව ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්රාත් ප්රසන්න ප්රනාන්දු මහතා අද (27දා) පොලීසියට නියෝග කළේය.
එම ගැටුමෙන් 29 හැවිරිදි සුමිත් ප්රසන්න නැමති එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත්වූ අතර සිද්ධියට අදාළ සාක්ෂි ලබාදෙමින් මියගිය සුමිත් ප්රසන්නගේ බිරිඳ ශෂිකා නිශාමනී සාක්කි දෙමින් පැවසුවේ සහකාර පොලිස් අධිකාරි ධර්මවර්ධන හා ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති තම සැමියාගේ මරණය සම්බන්ධයෙන් සැක සහිත බවයි.
නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ප්රදේශවාසීන් පිරිසක් සාධාරණය ඉටු කර දෙන්නැයි ඉල්ලා විවිධ පුවරු ප්රදර්ශනය කරමින් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ. මෙමනඩුවයළි ලබන 13 දින දක්වා කල් තැබුණි.
සූරියවැව නුවන් ජයසේකර / ඇඹිලිපිටිය විජය විදානපතිරණ