මිද්දෙනිය ප්රදේශයේදී කංසා ප්රවාහනය කරමින් සිටි ත්රිරෝද රථයක් පොලීසිය පරීක්ෂා කිරීමේදී පළා ගිය ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු වසර හතරකට පසු මිද්දෙනිය පොලීසිය විසින් අද (30දා) අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සැකකරු ඉකුත් 2011 වසරේ නොවැම්බර් මස 06 වැනි දින අලෙවිය සඳහා කංසා කිලෝග්රෑම් 12 ප්රවාහනය කරමින් සිටියදී මිද්දෙනිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව කරන ලද සෝදිසියක් අතර තුරදී පළා ගොස් තිබුණි.
වසර හතරක් සැගව සිටි අදාළ සැකකරු ඊයේ දින(30) අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය ප්රකාශ කරයි. ඊයේ දින (30) නඩුව කැදවූ වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණයේ විනිසුරු උදේශ් රණතුංග මහතා සැකකරු මෙම මස 14 වැනි දින දක්වා බන්ධනාගර ගත කරන ලෙස නියෝග කළේය.