ඇඹිලිපිටිය සුමිත් ප්රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගර ගතව සිටි සැකකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට අද (02දා) දින ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි එම්. ආරියරත්න මහත්මිය ඇප නියම කළාය.
රු. 20,000 මුදල් ඇප හා රු.ලක්ෂ 05ක ශරීර ඇප 02ක් මත සැකකරුමුදාහැරීමට නියෝග කළ අතර රටින් පිටවීම තහනම් බවත් විදේශ ගමන් බලපත්රය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය. තවද ඉදිරිපත් කළ යුතු ශරීර ඇප 02 පිළිබඳව මහේස්ත්රාත්වරයා සෑහීමකට පත්විය යුතු බවත්, සාක්ෂි සඳහා කිසිදු බලපෑමක් නොකළ යුතු බවත් සෑම නඩු දිනකම අධිකරණයට පෙනී සිටිය යුතු බවද වැඩිදුරටත් නියෝග කර සිටියාය.
අජිත්ලාල් ශාන්ත උදය